Tuesday, January 30, 2024

𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩


𝐕𝐎𝐋𝐕𝐎 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝟕𝟖𝟎𝐡𝐩

ප්‍රයිම් මූවර් අතර බලවතාව සිටි SCANIA 770hp S සහ R රථ පරදා නැවතත් රජ කිරැල වොල්වෝ ලබාගෙන තිබෙනවා ඒ 2024 වසරේදී කරලියට එන 𝐅𝐇𝟏𝟔 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 රථය නිසා . මෙම බල අරගලය මෙම සමාගම් දෙක වසර ගණනාවක සිට පවතින දෙයක් . ඒ වගේම මෙම සමාගම් දෙකම ස්වීඩනයේ සමාගම් දෙකක් . 2024 වසරේ Truck Of The Year සම්මානයත් ඉතින් මේ රථයට ලැබෙනවා නොඅනුමානයි . මෙම රථවල අලුතින් එක් කළ සහ වැඩි දියුණු කල අංග බොහෝමයි .

❇️ අලුතින් එකතු වන සාම්ප්‍රදායික පැති කණ්නාඩි වෙනුවට කැමරා යොදා ගැනීම නිසා පෙරට වඩා පුළුල් පරාසයක් දැකගත හැකි වීම .

❇️ එරෝ ඩයිනමික් හැඩය තවත් වැඩිදියුණු කර ඉන්ධන කාර්යක්ෂමතාව 5% කින් වැඩිකර ඇත . ඒ වගේම නවීන පෙනුමක් , ලස්සනක් , ආරක්ෂාකාරී රථයක් බවට පත්කර ඇත .

❇️ මෙම ඉලෙක්ට්‍රොනික් රථත් මේ 𝐀𝐞𝐫𝐨 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ලෙසින් ඉදිරිපත් කරනු ඇත . එවිට පාරිභෝගිකයාට පොසිල ඉන්ධන , ස්වභාවික වායු හෝ විදුලි වශයෙන් කොටස් තුනක් යටතේ තමාට අවශ්‍ය රථය මිලදී ගන්න හැකියි . ඒ වගේම 24cm කින් කැබ් එක දික් කර ඉඩ වැඩි කර ඇත . XXL Cab

❇️ මෙම රථ 2024 - 2025 යක කාලය තුලදී මාදිලි හතරක් යටතේ වෙලදපොලට නිකුත් කරන බව සදහන් .
FH Aero
FH Aero Electric
FH Aero Gas Powered
FH16 Aero

❇️ I Save තාක්ෂණය වැඩි දියුණු කර පරිසර දූෂණය ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කර ඇත .



No comments:

Post a Comment

The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...