Thursday, June 8, 2023

එක එක රටවලට එන වාහන වල වෙනස්කම් තියෙන්නේ ඇයි ?

 

සමහර රටවල් වාහන අලුතින්ම මිලදී ගන්නවා සමහර රටවල් පාවිච්චි කරපු වාහන මිලදී ගන්නවා ඒ ඒ අයගේ ආර්ථිකයට හරියන විදියට . සල්ලි තියන මිනිස්සු අලුත් ඒවා ගන්නවා නැති අය පාවිච්චි කරපුවා ගන්නවා .
සමාගමක් විදියට පාවිච්චි කරපු වාහන විකීනිමට වඩා අලුත් වාහන විකුනන එක තමා අරමුන . ඒ නිසා ඒ අය තමන්ගේ කර්මාන්තශාලා ලෝකයේ විවිධ රටවල ස්ථාපනය කරනවා . ඒ කරලා ඒ අයට යම්කිසි රටවල් ප්රමාණයක් ( ප්රදේශයක් ) දීලා ඒ රටවලට අවශ්ය විදියට වාහන නිෂ්පාදනය කරලා විකුනනවා . එකම කර්මාන්තශාලාවකින් විවිධ අවශ්යතා අනුව හදන්න අපහසුයි ඒ වෙනස්කම් අනුව එක එක කර්මාන්තශාලාවලට බාරදුන්නාම වැඩ පහසුයි වගේම ඉක්මන් .
තව නැව් ගාස්තු අඩු වීම , අඩු මුදලට ශ්රමිකයන් සොයාගන්න පුළුවන් වීම වගේ කාරනා නිසා අර පාවිච්චි කරපු වාහන ගන්න රටවට තරමක් මිල අඩුවෙන් වාහන විකුනන්න පුළුවන් . එතකොට සමහර පිරිසක් අලුත් වාහන මිලදී ගන්න පෙලඹෙනවා . තව දෙයක් තමා එක එක රටවල තියන වාහන පිලිඹද නීති ඒවා අනුව වාහන නිපදවන්න ඕනේ . තවත් කාරනයක් තමා ඔරිජිනල් වාහනයේ තියන සමහර දේවල් සමහර රට වල පාවිච්චි කරන්නෑ ඒ නිසා ඒවා සමාගමෙන්ම අයින් කරලා එවනවා . උදාහරණයකට ඇඩ් බ්ලූ අපේ රටෙත් ඇඩ් බ්ලූ අයින් කරනවා , මැද පෙරදිගට හදන වාහන වල ඇඩ් බ්ලූ අවශ්ය නැති විදියට නිෂ්පාදනය කරන්නේ . ඒ වගේම ඒ වාහන වල එන්ජිම ගියර් පද්ධතිය වගේ දේවලත් වෙනස්කම් තියනවා . මේ වගේ හේතු නිසා වාහනවල මිල සැලකිය යුතු ලෙස අඩුවෙනවා .
ඉන්දියාවේ SCANIA, VOLVO , MAN වගේ වාහන නිෂ්පාදනය කරලා ආසිනු රටවලට , මැදපෙරදිග රටවලට අපනයනය කරනවා . යුරෝපයේ තියන වාහනයි ඉන්දියාවේ හදන වාහනයි අතර වෙනස්කම් ගොඩක් තියනවා .
 








 

The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...