Showing posts with label Articles. Show all posts
Showing posts with label Articles. Show all posts

Wednesday, October 11, 2023

All-New 2024 MERCEDES eACTROS 600

MERCEDES BENZ සමාගම ඔක්තොම්බර් 10 වෙනිදා ඔවුන්ගේ නවතම රථය ගැන තොරතුරැ එලිදැක්වුවා . ඒ 6 වෙනි පරම්පරාව වෙන eACTROS 600 රථයයි . මේ රථයේ කැබින් එක ගොඩක් නවීන අංග වලින් සමන්විත වෙනවා එය PRO CAB ලෙස නම් කර තිබෙනවා . බාහිරින් කලින් රථයට වඩා සුළු වෙනස්කම් කීපයක් කර ඇති අතර එමගින් AERODYNAMIC හැඩය වර්නධය කර තිබෙනවා . විදුලියෙන් ධාවනය වන රථයක් නිසා එය ගොඩක් වැදගත් බැටරි බලයෙන් වැඩි දුරක් යාමට . StreamSpace, BigSpace , GigaSpace යන මාදිලි තුනෙන් මෙම රථය නිෂ්පාදනය කෙරෙනවා . 

emergency brake පද්ධතියේ වැඩි දියුණුකිරීම් ද කර තිබෙනවා වාහනය ඉදිරිපස දෙපස ඉතා හොදින් ග්‍රහනය කරගැනීමට රේඩාර් පද්ධතිය

 කැමරා පද්හැධතියද සමග ඒකාබද්ධ කර  සකස්කර තිබේ . මෙය ABA 6 ලෙස නම් කර තිබෙනවා .

3 BATTERY PACK 621KW ( lithium iron-phosphate technology ) 536hp

චාජරයකින්  විනාඩි 15-20 ක කාලයක් ආරෝපණය කිරීම මගින් ක දුරක් යාමට හැකිවන බව සදහන් කෙරෙනවා .මේ බැටරි මගින් ක දුරක් යාමට හැකි බව සමාගම සදහන් කෙරෙනවා .

RANGE :- 500Km one charge 

800V Electric axle with 2 Electric Motors

4 Speed transmision 

eACTROS 600 රථය 2024 අවසානයේදී මිලදී ගතහැකි බවත් සදහන් වේ .

SOURSE : 40ton.net

Mercedes-Benz  unveiled the new, sixth generation of the Actros. Interestingly, however, the German manufacturer did not present the entire new range, but started with one specific variant, called eActros 600. What is, on the other hand, under this name and when you can expect to refresh the rest of the offer, 


Let me start with some general information. The most attention is drawn to the cabin, bearing the nickname “ProCabin” and distinguished by a completely new front wall. It is a construction 8 centimeters longer than its predecessor, making it 9 percent less aerodynamic resistance. At the bottom we will notice as many as two sheltered steps, matrix LED headlights appeared in the bumper, and a decorative "light band" was installed around them, also used as daylights. In addition, there are a few new details, such as aerodynamic front-pillar overlays, redesigned spoilers, or a displaced ramp side mirror to provide better visibility to the “dead field”. However, the offer of roof elevations is to be the same as before, including the versions of StreamSpace, BigSpace and GigaSpace. The analysis of the sleeping area was also changed.




In the middle of the “ProCabin” cab, it has barely changed at a minimum, receiving a new upholstery and a new generation of multimedia system, with a belt of integrated touch switches. A legal eye may notice new seals on the inside of the door, which is a nod to people holding shoes at the last stage. As for electronic systems, together with the modernization of the cabin, the Germans presented a new generation of “dead field” radars, as well as the improved emergency brake. These radars are now to be located on both sides of the body and directly cooperate with the cameras, creating a full picture of the situation around the tractor. However, the new emergency brake, called ABA 6, will recognize the intrusion of a pedestrian or cyclist on the roadway and brake the kit up from up to 60 km/h.

At the time of the premiere, the question arose as to why Mercedes-Benz did not also extend the sleeping area, as the new EU regulation, provided for more aerodynamic trucks, allows it. Here, Daimler Truck’s head of Daimler Truck, Karin Redstrom, responded to the reporters with the words “stay tuned”, which in a free translation means “Wait for further information”. In other words, it is possible that soon such a variant with an extended bedroom will be attached to the offer, but so far the company does not want to reveal anything. In the same tone, the president also spoke about the premiere of a new cabin with diesel engines. Such vehicles have already been seen on tests in camouflage, with a clearly visible grill in the cooler’s atravel and fuel tanks (example can be found here). Personally, I would expect that in a few months “ProCabin” will also go to the diesel offer. However, today only the variant with the electrician was officially presented, just in the version called the eActros 600.






As the manufacturer himself describes it, the Mercedes-Benz eActros 600 is an “electric truck for long-distance transport”. How would this be implemented in practice? The main answer lies behind the number “600”, which is the capacity of traction batteries (exactly 600 kWh of useful capacity and 621 kWh total capacity). These are batteries in a highly efficient lithium-ilor-phosphate technology, thanks to which the loaded set is to drive in moderate conditions up to 500 kilometers on a single charge. At the same time, charging itself is to be extremely fast, as the eActros 600 has been adapted to the 400 kW charger. 100 kilometers of range can be recovered in about 15-20 minutes. What’s more, in the list of options, a 1000 kW charger socket will immediately appear, capable of restoring 100 kilometers of range in just a few minutes. So if such chargers will ever appear on the roads (today such strong devices are not yet mounted), eActros will be immediately adapted for their use. In addition, the manufacturer promises a battery life of 1.2 million kilometers, assuming an approximately 10-year life cycle of the vehicle.

500 kilometers of range is a lot for an electric truck. However, what is typical of this technology, everything is paid for by its own mass. The 4x2 tractor unit visible in the pictures – I emphasize, the tractor itself – is expected to weigh 11.6 tons, of which 4.5 tons fall on the battery itself. Therefore, the load capacity of a typical set with a curtain semi-trailer is to drop to about 22 tons. On the other hand, even such a version of 4x2 was immediately designed for 44-ton kits, as the European Union is to add four DMC tonnes to promote electric vehicles. The batteries themselves also turn out to take a surprisingly little space, being guided completely under the frame. Such a system is possible thanks to the transfer of the electric motor directly to the drive axle, thus eliminating the shaft. And speaking of the engine, we come to a very interesting information. Namely, the Mercedes-Benz eActros 600 will be available in just one power version, offering 816 hp in a temporary or 544 hp continuously. To put it more literally – when the truck has to climb a steep hill, for a few dozen seconds we will have more than 800 horsepower at our disposal! However, during long-term driving at a constant speed, 544 hp will remain.







With a view to transferring this power, Mercedes-Benz also unveiled a new transmission offering four gears. This is a fully optimal amount for an electrician, as the electric motors spin to very high speeds. However, at the braking, there is to be a five-stage recuperation. It is a form of motor brake, reversing the direction of the unit and thus generating electricity instead of using it. Proper operation of this recuperation will be able to significantly affect the range, especially on routes of a difficult nature. That is why the manufacturer immediately decided to combine this with a new generation of cruise control predicting the topography of the Predictive Powertrain Control area. Another support is also to be a special satellite navigation system, with functions developed specifically for electric propulsion. Once the route’s destination has been entered, it will automatically select charging points, estimate energy consumption and calculate how long the truck should charge there to cover the route in the most efficient way. You will also be able to see a special map, presenting the range without charging taking into account the current conditions on the road and the topography of the terrain. However, among the equipment for relaxation, each eActros is to have a parking air conditioning, parking heating and a 230V cabin socket.

The electric variant presented today, the Mercedes-Benz eActros 600, was immediately released. However, the first deliveries to customers will have to wait until the end of 2024, because it is then that series production will begin at the German factory in Werth am Rhein. By the way, the company is convinced that customers will not be missing, especially in Germany, after all, the truck will be exempt from the new rates of the toll, and 500 kilometers of coverage will allow to operate, for example, fixed BDF lines. Hence the 6x2 chassis with a frame for BDFs, which was immediately staged during the premiere. But any release date, sale, or even more so the delivery of a new diesel cabin remains a mystery. As soon as there are specifics on this topic, I will, of course, inform.



















Thursday, June 8, 2023

එක එක රටවලට එන වාහන වල වෙනස්කම් තියෙන්නේ ඇයි ?

 

සමහර රටවල් වාහන අලුතින්ම මිලදී ගන්නවා සමහර රටවල් පාවිච්චි කරපු වාහන මිලදී ගන්නවා ඒ ඒ අයගේ ආර්ථිකයට හරියන විදියට . සල්ලි තියන මිනිස්සු අලුත් ඒවා ගන්නවා නැති අය පාවිච්චි කරපුවා ගන්නවා .
සමාගමක් විදියට පාවිච්චි කරපු වාහන විකීනිමට වඩා අලුත් වාහන විකුනන එක තමා අරමුන . ඒ නිසා ඒ අය තමන්ගේ කර්මාන්තශාලා ලෝකයේ විවිධ රටවල ස්ථාපනය කරනවා . ඒ කරලා ඒ අයට යම්කිසි රටවල් ප්රමාණයක් ( ප්රදේශයක් ) දීලා ඒ රටවලට අවශ්ය විදියට වාහන නිෂ්පාදනය කරලා විකුනනවා . එකම කර්මාන්තශාලාවකින් විවිධ අවශ්යතා අනුව හදන්න අපහසුයි ඒ වෙනස්කම් අනුව එක එක කර්මාන්තශාලාවලට බාරදුන්නාම වැඩ පහසුයි වගේම ඉක්මන් .
තව නැව් ගාස්තු අඩු වීම , අඩු මුදලට ශ්රමිකයන් සොයාගන්න පුළුවන් වීම වගේ කාරනා නිසා අර පාවිච්චි කරපු වාහන ගන්න රටවට තරමක් මිල අඩුවෙන් වාහන විකුනන්න පුළුවන් . එතකොට සමහර පිරිසක් අලුත් වාහන මිලදී ගන්න පෙලඹෙනවා . තව දෙයක් තමා එක එක රටවල තියන වාහන පිලිඹද නීති ඒවා අනුව වාහන නිපදවන්න ඕනේ . තවත් කාරනයක් තමා ඔරිජිනල් වාහනයේ තියන සමහර දේවල් සමහර රට වල පාවිච්චි කරන්නෑ ඒ නිසා ඒවා සමාගමෙන්ම අයින් කරලා එවනවා . උදාහරණයකට ඇඩ් බ්ලූ අපේ රටෙත් ඇඩ් බ්ලූ අයින් කරනවා , මැද පෙරදිගට හදන වාහන වල ඇඩ් බ්ලූ අවශ්ය නැති විදියට නිෂ්පාදනය කරන්නේ . ඒ වගේම ඒ වාහන වල එන්ජිම ගියර් පද්ධතිය වගේ දේවලත් වෙනස්කම් තියනවා . මේ වගේ හේතු නිසා වාහනවල මිල සැලකිය යුතු ලෙස අඩුවෙනවා .
ඉන්දියාවේ SCANIA, VOLVO , MAN වගේ වාහන නිෂ්පාදනය කරලා ආසිනු රටවලට , මැදපෙරදිග රටවලට අපනයනය කරනවා . යුරෝපයේ තියන වාහනයි ඉන්දියාවේ හදන වාහනයි අතර වෙනස්කම් ගොඩක් තියනවා .
 








 

Thursday, March 9, 2023

𝕄𝕪 𝕊𝕖𝕞𝕚 𝕋𝕣𝕦𝕔𝕜 𝕕𝕣𝕚𝕧𝕚𝕟𝕘 𝕛𝕠𝕓 𝕒𝕥 𝔽𝕖𝕕𝔼𝕩- මගේ 𝔽𝕖𝕕𝔼𝕩 ට්රක් රියදුරු රැකියාව

 𝗩𝗜𝗗𝗘𝗢 𝗟𝗜𝗡𝗞 𝗖𝗟𝗜𝗖𝗞 𝗛𝗘𝗥𝗘

"මේ කන්ටේනර් එක අරන් දවසකට කිලෝමීටර් දාහක් යනවා තනියම... දවස් පහක් එක දිගට වැඩ...." අඩි 80ක් දිග කන්ටේනරයක් පදවන, සිරිමාලි.
පෙනුමින් මෘදු මොළොක් ගති පැවතුම් තිබුණත් කාන්තාවක් කියන්නේ කායිකව මෙන්ම මානසිකවත් පිරිමියෙකුට නොදෙවෙනි ශක්තිමත් චරිතයක් කිව්වොත් නිවැරදියි.
එය එසේ වුවත් සමාජයට බියෙන් තමන්ගේ ජීවිත ඇතුළෙ අනුන්ගේ හීන පැළ කරගෙන ඒවට පණ දෙන්න වෙර දරන කාන්තාවෝ වැඩි පිරිසක් අප අතර සිටිති.
ඒ අතරේ පිරිමින්ටවත් හිතන්න බැරි යකඩ සිහින දකිමින් ඒවා සැබෑ කරගන්න උත්සාහ කරන කාන්තාවනුත් නැතුවම නොවේ. ලංකාවේ ඉපදී මේ වන විට ඇමෙරිකාවේ ජීවත් වෙමින් ලංකාවේ අපට දකින්නට තියා හිතන්නටවත් නොහැකි අඩි 80 දිග විශාල කන්ටේනර් රථයක් දිනකට කිලෝ මීටර් දාහක් ධාවනය කරන අපේ රටේ යකඩ ගැහැනියක් ගැනයි මේ පවසන්නේ.
අපේ රටට මෙන්ම සියලුම කාන්තාවන්ට ඇය අභිමානයක් වන නිසාම මෙවර කාන්තා දිනයේදී ඇය ගැන රටට කියන්නට අපි අදහස් කළා.
හීන මොනතරම් දුර වුනත්, දුෂ්කර වුණත් ඒවා සැබෑ කරගත හැකි බවට හොඳම උදාහරණය ඇයයි. සිරිමාලි ගුණතිලක මේ යකඩ ගැහැනියගේ නමයි.
සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලේ බාලයා වූ ඇයගේ ගම මතුගමයි. ගමේ පාසලෙන් උසස් පෙළ දක්වා අධ්යාපනය ලබන ඇය පුංචි කාලේ ඉඳලම සිතන පතන විදිය වෙනස් වූ නිසාම ඇයට තිබුණේ වෙනස්ම විදියේ සිහින ටිකක්. බාලයා වූ නිසාම ටිකක් කොලු වැඩ කරන්නම දඟකාරකම් දැක් වූ ඇයට තාත්තාගේ මෝටර් බයිසිකලය පදින්න ඉගෙන ගන්න තිබුණෙත් පුදුම ආසාවක්.
වෘත්තියෙන් පියාද රියදුරකු වූ නිසාම ඇයටත් ඒ ජවය යටි හිතේ කොතැනක හෝ තිබෙන්නට ඇති. අද වන විට අමෙරිකාවේ පුරවැසිභාවය හිමිකරගෙන සිටින සිරිමාලි සමග කතා කළ අපට ඇගේ ජීවිතය ජයගත් ආකාරය ගැන කියන්න අමතක කළේ නැහැ.
“ගමේ ඉස්කෝලෙන් ඉගෙනගෙන උසස් පෙළ අවසන් කළාට පස්සේ මට ඕනෑ වුණේ ජීවත් වෙන්න රැකියාවක්. ඒ නිසා මගේ මුල්ම රැකියාව විදියට සණස බැංකුවේ අවුරුදු පහක් විතර සේවය කළා. ඉතින් මේ කාලයේ මට තේරුණා මේ ලැබෙන වැටුප ජීවත් වෙන්න හොඳටම ප්රමාණවත් මදි කියලා. ඒ වගේම මට ඒ දවස්වල ඉංග්රීසි ඉගෙනගෙන සුද්දෙක් වගේ ඉංග්රීසියෙන් කතා කරන්න තිබුණේ පුදුම පිස්සුවක්. ඒ නිසා මම හොටෙල් පැත්තට යන්න තීරණය කළා. මේ ෆීල්ඩ් එකත් එක්ක මට ඉංග්රීසි හදාගන්න පු`ඵවන් වෙනව වගේම ටිකක් විනෝදජනක රැකියා ක්ෂේත්රයක්නේ. ඒ නිසා මම හරි ආසාවෙන් හොටෙල් ෆීල්ඩ් එකේ රැකියාවකට ආවා.
ජීවිතේ සමහර වෙලාවට නපුරු දේවල් සිද්ධ වෙන්නෙම තවත් සුබ දෙයක් සිදුවෙන්න කියලා මට දැනුණා. මගේ ජීවිතේත් ඒවගේ අත්දැකීමක් තියනවා. සුනාමිය එන්නේ මේ කාලෙදී. ඒකෙන් අපි හිටිය හොටෙල් එකට ලොකු අලාභයක් සිද්ධ වුණා. අලුත් වැඩියා කටයුතු සිදුකරනතුරු කාලයක් එය වහලා දාන්න සිදු වුණා.
මෙහෙම ඉද්දි අපි හිටිය හොටෙල් එකේම මම අඳුනන කෙනෙක් හොටෙල් ෆීල්ඩ් එකටම ඩුබායිවලට යන්න උදවු කළා. මට
මේ වෙනකොට මම ඉංග්රීසිත් තරමක් දුරට හදාගෙන තිබුණු නිසා මම ඩුබායිවලට ගියා. දෙමාපියන්ගෙන් පවුලේ අයගෙන් කිසිම බාධාවක් තිබුණෙ නැහැ. ඒ අය මම ගන්න තීරණවලට උදවු කළා. ලෝකයේ කොහේ ගියත් වාසනාව අපි හොයාගෙන එනවා. මගේ ජීවිතේ වෙනස් වෙන්නෙත් ඒ විදියට.
ඉතින් දවසක්, ඩුබායිවල මම හිටපු හෝටලයේ කාමර විස්සක් අමෙරිකන් නේවි එකේ අයට වෙන්කරල තිබුණා. ඒ අතරේ කෙනෙක් හිටියා ඩුබායි පොලිසියේ වැඩකරන ගමන් පාට් ටයිම් නේවි හිටිය කෙනෙක්. මෙයා මාත් එක්ක වැඩිපුර හිතවත් වුණා.
කාලයත් එක්ක ඉතින් ඔහු මගේ ජීවිතේට විශේෂ පුද්ගලයෙක් වුණා. එයා මට කැමති වුණු නිසා අපි ලංකාවට ඇවිත් මගේ දෙමාපියන්ගෙන් අවසර අරන් එයාලගෙත් කැමැත්ත මත විවාහ වෙලා අපි දෙන්නම අමෙරිකාවේ පදිංචියට ගියා. ඔහු අමෙරිකානු ජාතිකයෙක් නිසා විවාහයෙන් පස්සේ මටත් ඒ රටේ පුරවැසිභාවය ලැබුණා.
එහේ පදිංචියට ගිහින් සති කිහිපයකින් වගේ මම හරිම පුදුම දෙයක් දැක්කා. එක ගැහැනු කෙනෙක් අඩි අසූවක් පමණ දිග කන්ටේනර් එකක් පදවගෙන එනවා. මම මීට කලින් කවදාවත් ගෑනු කෙනෙක් ඒ විදියට දැකල තිබුණේ නැහැ. ඒක මගේ සැමියට නම් පුදුමයක් නෙවෙයි. මම පුදුම වෙලා ඒ ගැන අහද්දි ඔහු මට කිව්වේ මේ රටේ ගැහැනු අයට ඕනෑ දෙයක් කරන්න නිදහස තියනවා මේක මෙහෙ සාමාන්ය දෙයක් පුදුම වෙන්න දෙයක් නෙවෙයි කියලා. ඇත්තමට මට ඒ වෙලාවේ ඒ ගැන ආසාවක් ඇතිවුණා. මාස කිහිපයක් යද්දි මට ඒ ගැන ආසාව දිගටමට තිබුණ නිසා මගේ සැමියා මට කිව්වා ඔයා කැමති නම් ඒ පාඨමාලාව කරන්න කියලා. ඒක මාස දෙකක පාඨමාලාවක්. ලංකාවේ මුදලින් ඒ පාඨමාලාව කරන්න ලක්ෂ අටක් විතර යනවා.
ඉතින් මම ඒ අභියෝගය බාර අරන් ඒක උවමනාවෙන් කළා. විශාල කැපකිරීමක් කරන්න වුණා.
මේ පාඨමාලාව ඉවරවෙලා ලයිසන් ගත්තදාට පහුවෙනිදම මට කන්ටේනර් රථයක් රැගෙන යන මේ රැකියාව ලැබුණා. එදා මම පුදුමයෙන් දැක්ක කන්ටේනර් රථය දැන් මගේ ඇස් ඉදිරියේ. මම සෑම කාන්තාවකටම කියන්නේ අපිට බැරි දෙයක් නැහැ. උවමනාවයි කැපකිරීමයි තියෙනවනම් ඕනෑම දෙයක් කරන්න ගැහැනියකට පු`ඵවන්. ගැහැනු දන්නේ නැහැ තමන්ට තියන ශක්තිය ගැන. භාණ්ඩ ප්රවාහනය කරන මේ විශාල කන්ටේනර් රථය අරන් මම දවසකට කිලෝමීටර් දාහක දුරක් යනවා තනියම. දැන් මටම කියලා කන්ටේනර් එකක් තියනවා. ඒ විදියට දවස් පහක් එක දිගට වැඩ.
මේ කන්ටේනර් එක කන්ටේනර් බොක්ස් දෙකකින් සමන්විත එකක්. අඩි 80ක් දිග මේ වාහනයේ ජියර් දොළක් තියනවා. ඇත්තටම මේක පොඩි කෝච්චියක් වගේ. මේ වාහනය ඇතුළෙ ඇඳක්, පුංචි කාමරයක් ඇතුලු සියලුම පහසුකම් තියනවා. මේ රටේ වුනත් මේ වගේ ලොකු වාහනයක් ගෙනියන කාන්තාවෝ අඩුයි.
මම වැඩ කරන ආයතනයේ පිරිමි දාසය දෙනෙක් එක්ක මම විතරයි එක කාන්තා රියදුරෙකුට ඉන්නේ. ඒ ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ඒ වගේම කියන්න ඕනෑ මට මේ ගමනෙදි බාධාවක් වුණේ භාෂාව විතරයි. ඉංග්රීසි දැනගෙන හිටියත් මෙහෙ අය භාෂාව ශබ්ද කරන විදිය කතාකරන විදිය වෙනස්නේ.
ඉතින් සමහර වෙලාවට මට මොකුත් තේරෙන්නේ නැහැ. දෙතුන් වතාවක්ම නැවත නැවත අහනවා. නමුත් දැන් ඒක කිසිම ගැටලුවක් නැහැ. මෙතෙන්ට එන්න රෑ දවල් නොතකා වැඩ කළා. වැඩට යන්න අවදි වෙන්නේ රෑ දොළහ හමාරට විතර. එක වෙද්දි වැඩට ඉන්න ඕනෑ. හැම දෙයක්ම තාක්ෂණයෙන් වැඩ. සේවයට පැමිණීම වාර්තා කිරීම, වැඩ අවසන් කිරීම මේ හැමදේම ඇප් තුනක් හරහා සිද්ධ වෙන්නේ තමන්ගෙම ජංගම දුරකථනයෙන්. කාලය නාස්ති වෙන්නේ නැහැ. ඕන රැයක ගැහැනු අයට එළියේ වැඩ කරන්න පු`ඵවන්. නිදහසක් ජීවිතයක් තියනවා.
ඇය ඇගේ කතාව අවසන් කළේ ජයග්රාහී සිනාවකින්. පහසුවෙන් අත්පත් කරගන්න තියා හිතන්න වත් බැරි සමහර හීන හැම හදවතක් ඇතුළෙම තියනවා. හැබැයි ඒ ඉලක්ක ජය ගන්න නම් ඒ වෙනුවෙන් අප්රමාණ කැප කීරීම් කරන්නට වෙනවා. හැමෝම නොකරන අසාමාන්ය දෙයක් තවත් කෙනෙක් කරන්න ගත්තාම ඒ දෙස වැඩි දෙනෙක් බලන්නේ ටිකක් අමුතු විදියට. එහෙම අත්දැකීම් ඔබටත් ඇති. ඒ කොහොම වුණත් කෙනෙක් ඉහළට යන්න උත්සාහ කරන මොහොතේ ගල් මුල් ගැසීමට බොහෝ දෙනෙක් සිටියත් ඔවුන්ට එය කරන්නට හැකි වන්නේ සීමාවකට පමණයි. ගල් මුල් ගැසීමට නොහැකි මට්ටමට ඉහළට ගිය පසුව ගල් ගැසූ සියලු දෙනා නරඹන්නන් පමණක්ම වෙනවා.
 
සටහන: නයනා උදයංගනී සිරිකත 
 



 
 


 

Sunday, February 26, 2023

𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 ඉතිහාසය සහ වත ගොත.

𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 තමන්ගෙ ට්රක් රථය 𝐀𝐂𝐓𝐑𝐎𝐒 නමින් බර වාහන වෙළෙඳ පොළට ගෙන එන්නෙ වර්ශ 1996 දීයි. ඒ වැඩි බරක් රැගෙන දිගු ගමන් වාරයන් සඳහා වූ බර වාහන වෙළෙඳ පොළ ඉලක්ක කරගෙනයි. ඊට ප්රථමයෙන් ට්රක් රථ ක්ෂේත්රයේ ඉතා ප්රසිද්ධියටත් ජනාදරය සහ විශ්වාසයට ලක් වූ ඔවුන්ගේ 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐒𝐊 වර්ගයේ ට්රක් රථයට ආදේශකයක් ලෙස ද, 𝐀𝐂𝐓𝐑𝐎𝐒 හී ආගමනය සැලකීමට පුළුවනි. වර්ශ 1996 දී හඳුන්වා දුන් 𝐀𝐂𝐓𝐑𝐎𝐒 ට්රක් රථය වැඩි දියුණු කර වර්ශ 2002 දී 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 II ලෙස නව සංස්කරණයක් වෙළෙඳ පොළට පැමිණි අතර වර්ශ 2007 දී 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 III ලෙස නව කාණ්ඩයක් ලෙස පැමිනෙන්නේ ඊට ප්රථම 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 II හී වැඩි දියුණු කිරීම් සහ අඩුපාඩු මඟහරවා ගනිමිනි. 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 III ට්රක් රථය ඉතා සාර්ථක ට්රක් රථයක් වූ අතර ඔවුන්ගේ මීළඟ සංස්කරණය ලෙස 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 IV වර්ශ 2011 එලිදැක්විණි.
 
𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝗠𝗣𝗜 නැතිනම් 1996 එලිදැක්වූ පළමු 𝐀𝐂𝐓𝐑𝐎𝐒 කාණ්ඩයේ සිට වර්ථමානයේ නිශ්පාදනය වන 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 𝗠𝗣𝗜𝗩 දක්වා ට්රක් රථ වලට 𝗦𝘁𝗿𝗮𝗶𝗴𝗵𝘁 𝗦𝗶𝘅 𝗖𝘆𝗹𝗶𝗻𝗱𝗲𝗿 තාක්ශණය සහිත 𝗘𝗻𝗴𝗶𝗻𝗲 යොදා ගැණුනු අතර වර්ශ 2007 𝗠𝗣𝗜𝗜𝗜 කාණ්ඩයේ ට්රක් රථ V8 සහ V6 තාක්ශණය සහිත 𝗘𝗻𝗴𝗶𝗻𝗲 සමඟ මිළ දී ගැනීමට හැකි විය. මෙහිදි OM501 𝗘𝗻𝗴𝗶𝗻𝗲 එක ලීටර 12ක V6 එන්ජිමක් වූ අතර එයට අශ්ව බල 310 සිට 480 දක්වා පරාසයක බලයක් ඇත. තවද OM502 වර්ගයේ එන්ජිම V8 වර්ගයේ එන්ජිමක් වූ අතර එයට අශ්ව බල 350 සිට 650ක් දක්වාවූ පරාසයක බලයක් ඇත. 2011 සිට මේ දක්වා නිශ්පාදනය වන 𝗠𝗣𝗜𝗩 කාණ්ඩයේ ට්රක් රථ සඳහා යොදා ගැනෙන්නෙ Euro 6 තාක්ශණය හා රෙගුලාසි වලට යටත්ව නිශ්පාදනය වන L6 වර්ගයේ එන්ජින් වර්ගයන් වේ. OM471 එන්ජිම ලීටර 12.8ක අශ්ව බල 422 සිට 530 දක්වා වූ බල පරාසයකින් යුක්ත වන අතර ලීටර 15.6ක OM473 එන්ජිම අශ්ව බල 517 සිට 625 දක්වා බලයක් සතුවේ. තවද එම එන්ජින් එක් 𝗰𝘆𝗹𝗶𝗻𝗱𝗲𝗿 එකකට 𝘃𝗮𝗹𝘃𝗲 4ක් බැගින් ද, 𝗰𝗮𝗺-𝘀𝗵𝗮𝗳𝘁 2 කින්ද සමන්විත ඉතා ප්රවේගකාරි එන්ජින් වෙයි.
 
Gearbox එක ගැන සඳහන් කරන විට දෙවන කාණ්ඩයේ ට්රක් රථ වල සිට 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 ආයතනය ඔවුන්ගේම 𝗧𝗿𝗮𝗻𝘀𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 පද්ධතියක් භාවිත කරයි. එය 𝗧𝗲𝗹𝗹𝗶𝗴𝗲𝗻𝘁 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅 නමින් හඳුන්වන අතර එය ස්වයංක්රීයව ක්රියාත්මක වේ. එය ක්රියාත්මක වීමට ට්රක් රථයේ 𝗙𝗶𝗳𝘁𝗵 𝗪𝗵𝗲𝗲𝗹 එක හා සමගාමීව සවි කල 𝗦𝗲𝗻𝘀𝗼𝗿 එකක් සහිත පරිගණකයක සහය ලබා ගනී. මෙම පරිගණකය මගින් ට්රක් රථයේ ට්රේලරයේ සහ භාණ්ඩවල බර සහ ට්රක් රථයේ ආනතිය (කන්දක හෝ බෑවුමක) අනුව නිවැරදිම ගියරය තීරණය කරයි. තවද මෙම ස්වයංක්රීය ගියර් පද්ධතිය ක්රියා විරහිත කර රියදුරාට අවශ්ය පරිදි 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅එක හැසිරවීමේ හැකියාවද පවති. තවද 𝗧𝗲𝗹𝗹𝗶𝗴𝗲𝗻𝘁 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅 එක රහිතව පූර්ණ අයාන්ත්රීක ( 𝗠𝗮𝗻𝘂𝗮𝗹 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅 ) වලින්ද 𝐀𝐂𝐓𝐑𝐎𝐒 𝗠𝗣𝗜, 𝗠𝗣𝗜𝗜 සහ 𝗠𝗣𝗜𝗜𝗜 කාණ්ඩයන් මිළදී ගත හැකි විය. 2011 සිට වර්ථමානය වන තෙක් නිශ්පාදනය වන 𝗠𝗣𝗜𝗩 කාණ්ඩයේ ට්රක් රථ වල ඇත්තේ 𝗧𝗲𝗹𝗹𝗶𝗴𝗲𝗻𝘁 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅 එක පමණී. ඒ පාරිභෝගිකයාට උපරිම ඉන්ධන කාර්යක්ශමතාවක් ලබා දීම 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 ආයතනයේ අරමුණ වන නිසායි.
 
𝐀𝐂𝐓𝐑𝐎𝐒 ට්රක් රථයේ ප්රධාන වශයෙන් කැබින් ( 𝗖𝗮𝗯 ) වර්ග හතරකි. එනම්,
1. දෛනික කටයුතු සහ දෛනික බෙදාහැරීම් සඳහා නිමවුණ " 𝐒 " කැබ් එක. කුඩා ලොරි රථ සහ සිමෙන්ති ට්රක් රථ සඳහා භාවිත වෙයි. කුඩා වහලයක් සහ රියදුරු නිදන කොටස රහිතයි. නාගරික බෙදාහැරීම් සඳහා ඉදිරිපස බෆර් එක ( 𝗕𝘂𝗺𝗽𝗲𝗿 ) පොළවට ආසන්නව පිහිටන ලෙසද, ඉදිකිරීම් කටයුතු වල භාවිතයන්ට ගැලපෙන ලෙස ඉදිරිපස බෆර් එක පොළව මට්ටමේ සිට හැකිතාක් ඉහලට වන සේ නිර්මාණය කර ඇත.
2. මධ්ය දුර බෙදා හැරීම් සහ කටයුතු සඳහා නිර්මාණය වුණ මෙම කැබ් එකෙහි, රියදුරු නිදන කොටස අන්තර්ගත වුවද එහි සැප පහසුව මූලික අංගයක් කරගෙන නැත. නමුදු දිගි කාණ්ඩයෙන්ද මෙම කැබ් රථය දැක ගත හැක.
3. විශේෂයෙන් පහත් කරන ලද වහලය සහිත කැබ් එක. විශේෂයෙන්ම මෙය නිර්මාණය කරන ලද්දේ මෝටර් රථ බෙදාහැරීම සඳහා වූ ට්රේලර් එක සම්බන්ධ කර ගැනීමටයි. එහිදී ට්රේලරයේ අතිරික්ත කොටසක් කැබින් එකෙහි කුඩා වහලයට ඉහලින් පිහිටන අතර, ඒ මත කුඩා මෝටර් රථ දෙකක් හෝ සාමාන්යය වෑන් රථයක හෝ සාමාන්යය ප්රමාණයේ මෝටර් රථයක් තබාගෙන යෑමට ඉඩ සැලසේ. දිගු දුර ධාවනය ඉලක්ක කරගෙන නිපදවන මෙම කැබින් එකේ සුඛෝපභෝගී නිදන කොටසක් දකින්නට පුලුවනි.
 
4. දිගු දුරක් වැඩි සැප පහසුවෙන් ගමන් කිරීම සඳහා විශේෂයෙන්ම රියැදුරුගේ සියලුම අත්යාවශ්යතා ට්රක් රථයට එක් කිරීම අරමුණු කරගත් ඉතා ඉහලින් නිර්මාණය වුණු වහල කොටසත්, නිදන කොටස අන් සියළු කැබින් වලට වඩා විශාලත්වයකින් නිමවුණ මෙම කැබින් එක "මෙගා ස්පේස්" ( 𝗠𝗲𝗴𝗮𝗦𝗽𝗮𝗰𝗲 ) යන නමින් හැඳින්වෙයි. ඉතා සුඛෝපභෝගී කැබින් එකක් වන මෙම කැබ් එක සහිත 𝐀𝐂𝐓𝐑𝐎𝐒 වර්ගයේ ට්රක් රථයක මිල සාමාන්යය ට්රක් රථයක මිල මෙන් දෙගුණයකට ආසන්නය. ඇතුලත පෙනුමද, නිමැවුමද "ලෙදර්" භාවිතයෙන් නිමවා ඇත.
ආරක්ෂක උපක්රම පිළිබඳව සලකන විට 𝐀𝐂𝐓𝐑𝐎𝐒 ට්රක් රථ වල 𝗟𝗮𝗻𝗲 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝘂𝗿𝗲 𝗪𝗮𝗿𝗻𝗶𝗻𝗴 𝗦𝘆𝘀𝘁𝗲𝗺 (මංතීරු වෙනස් වන්නේ නම් රියදුරුට එය දන්වන 𝗔𝗹𝗮𝗿𝗺 එක), 𝗖𝗿𝘂𝗶𝘀𝗲 𝗖𝗼𝗻𝘁𝗿𝗼𝗹 (ඒකාකාර වේගයෙන් ධාවනයට යොදාගන්නා විශේෂ පහසුකම) සහ 𝗕𝗹𝗶𝗻𝗱 𝗦𝗽𝗼𝘁 𝗖𝗮𝗺𝗲𝗿𝗮 (රියදුරුගේ දර්ශන තලයට හසු නොවන සීමා කැමරාවක් ආධාරයෙන් රියදුරුගේ අවධානයට යොමු කරවීම) වැනි සේවා නම් කල හැක.
 
2011 දී 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 ආයතනය හඳුන්වා දුන් ඔවුන්ගේ නවතම 𝐀𝐂𝐓𝐑𝐎𝐒 මාදිලිය වැඩි දියුණු කොට නැවතත් 2018 දී එලි දැක්විය. එය " 𝙏𝙝𝙚 𝙉𝙚𝙬 𝙈𝙚𝙧𝙘𝙚𝙙𝙚𝙨 𝘽𝙚𝙣𝙯 𝘼𝙘𝙩𝙧𝙤𝙨 𝙈𝙞𝙧𝙧𝙤𝙧𝘾𝙖𝙢 " නමින් හඳුන්වයි. එහි සුවිශේෂීම පහසුකම වන්නේ ට්රක් රථයට පිටින් පැති කණ්නාඩි නොතිබීමයි. ඒ වෙනුවට අධිතාක්ෂණික කැමරා කිහිපයකින් ට්රක් රථය සමන්විත වීමයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙම අධිතාක්ෂණික කැමරා මගින් ලබාගන්නා දර්ශණ සුපැහිදිලි තිර කිහිපයකින් ට්රක් රථයේ රියදුරුට පෙන්වීමයි. මෙම කැමරා අධික මීදුම්, වැසි සහ විවිධ අයහපත් කාළගුණ තත්වයන් යටතේ වුවද ඉතා සුපැහැදිලි දර්ශනයන් රියදුරුට ලබා දෙයි. ට්රක් රථයේ සිට ට්රේලරය දක්වා දිග මැනීමටත් එම මැනුම් උපයෝගි කරගෙන පිටුපස ඇති වස්තුවක ඇති ගැටීමක් හෝ අනතුරක් සිදුවීමට පෙර එය රියදුරුට දන්වයි. රියදුරුගෙන් නිසි ප්රතිචාරයක් නොලැබෙන්නේ නම් ට්රක් රථයේ තිරිංග ක්රියාත්මක කිරීමට ට්රක් රථයේ පරිගණකයට අදාල විධාන ලබාදීමටද මෙම කැමරා වලට හැකියි. තවද 2018 හඳුන්වා දුන් මෙම ට්රක් රථයේ කැබින් එක ඇතුලත සම්පූර්ණ වෙනසක් සිදුවී තිබේ. ට්රක් රථයේ විවිධ පහසුකම් ක්රියාත්මක කිරීමට ඇති බොත්තම් බොහොමයක් අඟල් 10ක ස්පර්ශක තිරයක් ආධාරයෙන් ක්රියාත්මක වෙයි. සාමාන්යය ට්රක් රථයක ඇති තිර (𝗗𝗶𝘀𝗽𝗹𝗮𝘆) ගණනට වඩා 𝙈𝙞𝙧𝙧𝙤𝙧𝘾𝙖𝙢 රථයේ තිර ගණන ඉතා වැඩිය.
1990 , 1997 , 1999 , 2004 , 2009 , 2012 , 2020 යන වසර වල 𝙏𝙍𝙐𝘾𝙆 𝙊𝙁 𝙏𝙃𝙀 𝙔𝙀𝘼𝙍 සම්මානය ලබා ගෙන ඇත .
ලංකාවේ දැනට දකින්නට ඇත්තේ 𝐀𝐂𝐓𝐑𝐎𝐒 𝗠𝗣𝗜, 𝗠𝗣𝗜𝗜, සහ 𝗠𝗣𝗜𝗜𝗜 වර්ගයේ ට්රක් රථ පමණි.
සැකසුම වෙනුවෙන් විශේෂ ස්තූතිය :- ප්රගති අසීමිත සොයුරාට






















Autocar Classic Truck in Sri Lanka