Sunday, February 26, 2023

𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 ඉතිහාසය සහ වත ගොත.

𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 තමන්ගෙ ට්රක් රථය 𝐀𝐂𝐓𝐑𝐎𝐒 නමින් බර වාහන වෙළෙඳ පොළට ගෙන එන්නෙ වර්ශ 1996 දීයි. ඒ වැඩි බරක් රැගෙන දිගු ගමන් වාරයන් සඳහා වූ බර වාහන වෙළෙඳ පොළ ඉලක්ක කරගෙනයි. ඊට ප්රථමයෙන් ට්රක් රථ ක්ෂේත්රයේ ඉතා ප්රසිද්ධියටත් ජනාදරය සහ විශ්වාසයට ලක් වූ ඔවුන්ගේ 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐒𝐊 වර්ගයේ ට්රක් රථයට ආදේශකයක් ලෙස ද, 𝐀𝐂𝐓𝐑𝐎𝐒 හී ආගමනය සැලකීමට පුළුවනි. වර්ශ 1996 දී හඳුන්වා දුන් 𝐀𝐂𝐓𝐑𝐎𝐒 ට්රක් රථය වැඩි දියුණු කර වර්ශ 2002 දී 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 II ලෙස නව සංස්කරණයක් වෙළෙඳ පොළට පැමිණි අතර වර්ශ 2007 දී 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 III ලෙස නව කාණ්ඩයක් ලෙස පැමිනෙන්නේ ඊට ප්රථම 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 II හී වැඩි දියුණු කිරීම් සහ අඩුපාඩු මඟහරවා ගනිමිනි. 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 III ට්රක් රථය ඉතා සාර්ථක ට්රක් රථයක් වූ අතර ඔවුන්ගේ මීළඟ සංස්කරණය ලෙස 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 IV වර්ශ 2011 එලිදැක්විණි.
 
𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝗠𝗣𝗜 නැතිනම් 1996 එලිදැක්වූ පළමු 𝐀𝐂𝐓𝐑𝐎𝐒 කාණ්ඩයේ සිට වර්ථමානයේ නිශ්පාදනය වන 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 𝐀𝐂𝐓𝐑𝐎𝐒 𝗠𝗣𝗜𝗩 දක්වා ට්රක් රථ වලට 𝗦𝘁𝗿𝗮𝗶𝗴𝗵𝘁 𝗦𝗶𝘅 𝗖𝘆𝗹𝗶𝗻𝗱𝗲𝗿 තාක්ශණය සහිත 𝗘𝗻𝗴𝗶𝗻𝗲 යොදා ගැණුනු අතර වර්ශ 2007 𝗠𝗣𝗜𝗜𝗜 කාණ්ඩයේ ට්රක් රථ V8 සහ V6 තාක්ශණය සහිත 𝗘𝗻𝗴𝗶𝗻𝗲 සමඟ මිළ දී ගැනීමට හැකි විය. මෙහිදි OM501 𝗘𝗻𝗴𝗶𝗻𝗲 එක ලීටර 12ක V6 එන්ජිමක් වූ අතර එයට අශ්ව බල 310 සිට 480 දක්වා පරාසයක බලයක් ඇත. තවද OM502 වර්ගයේ එන්ජිම V8 වර්ගයේ එන්ජිමක් වූ අතර එයට අශ්ව බල 350 සිට 650ක් දක්වාවූ පරාසයක බලයක් ඇත. 2011 සිට මේ දක්වා නිශ්පාදනය වන 𝗠𝗣𝗜𝗩 කාණ්ඩයේ ට්රක් රථ සඳහා යොදා ගැනෙන්නෙ Euro 6 තාක්ශණය හා රෙගුලාසි වලට යටත්ව නිශ්පාදනය වන L6 වර්ගයේ එන්ජින් වර්ගයන් වේ. OM471 එන්ජිම ලීටර 12.8ක අශ්ව බල 422 සිට 530 දක්වා වූ බල පරාසයකින් යුක්ත වන අතර ලීටර 15.6ක OM473 එන්ජිම අශ්ව බල 517 සිට 625 දක්වා බලයක් සතුවේ. තවද එම එන්ජින් එක් 𝗰𝘆𝗹𝗶𝗻𝗱𝗲𝗿 එකකට 𝘃𝗮𝗹𝘃𝗲 4ක් බැගින් ද, 𝗰𝗮𝗺-𝘀𝗵𝗮𝗳𝘁 2 කින්ද සමන්විත ඉතා ප්රවේගකාරි එන්ජින් වෙයි.
 
Gearbox එක ගැන සඳහන් කරන විට දෙවන කාණ්ඩයේ ට්රක් රථ වල සිට 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 ආයතනය ඔවුන්ගේම 𝗧𝗿𝗮𝗻𝘀𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 පද්ධතියක් භාවිත කරයි. එය 𝗧𝗲𝗹𝗹𝗶𝗴𝗲𝗻𝘁 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅 නමින් හඳුන්වන අතර එය ස්වයංක්රීයව ක්රියාත්මක වේ. එය ක්රියාත්මක වීමට ට්රක් රථයේ 𝗙𝗶𝗳𝘁𝗵 𝗪𝗵𝗲𝗲𝗹 එක හා සමගාමීව සවි කල 𝗦𝗲𝗻𝘀𝗼𝗿 එකක් සහිත පරිගණකයක සහය ලබා ගනී. මෙම පරිගණකය මගින් ට්රක් රථයේ ට්රේලරයේ සහ භාණ්ඩවල බර සහ ට්රක් රථයේ ආනතිය (කන්දක හෝ බෑවුමක) අනුව නිවැරදිම ගියරය තීරණය කරයි. තවද මෙම ස්වයංක්රීය ගියර් පද්ධතිය ක්රියා විරහිත කර රියදුරාට අවශ්ය පරිදි 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅එක හැසිරවීමේ හැකියාවද පවති. තවද 𝗧𝗲𝗹𝗹𝗶𝗴𝗲𝗻𝘁 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅 එක රහිතව පූර්ණ අයාන්ත්රීක ( 𝗠𝗮𝗻𝘂𝗮𝗹 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅 ) වලින්ද 𝐀𝐂𝐓𝐑𝐎𝐒 𝗠𝗣𝗜, 𝗠𝗣𝗜𝗜 සහ 𝗠𝗣𝗜𝗜𝗜 කාණ්ඩයන් මිළදී ගත හැකි විය. 2011 සිට වර්ථමානය වන තෙක් නිශ්පාදනය වන 𝗠𝗣𝗜𝗩 කාණ්ඩයේ ට්රක් රථ වල ඇත්තේ 𝗧𝗲𝗹𝗹𝗶𝗴𝗲𝗻𝘁 𝗚𝗲𝗮𝗿𝗯𝗼𝘅 එක පමණී. ඒ පාරිභෝගිකයාට උපරිම ඉන්ධන කාර්යක්ශමතාවක් ලබා දීම 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 ආයතනයේ අරමුණ වන නිසායි.
 
𝐀𝐂𝐓𝐑𝐎𝐒 ට්රක් රථයේ ප්රධාන වශයෙන් කැබින් ( 𝗖𝗮𝗯 ) වර්ග හතරකි. එනම්,
1. දෛනික කටයුතු සහ දෛනික බෙදාහැරීම් සඳහා නිමවුණ " 𝐒 " කැබ් එක. කුඩා ලොරි රථ සහ සිමෙන්ති ට්රක් රථ සඳහා භාවිත වෙයි. කුඩා වහලයක් සහ රියදුරු නිදන කොටස රහිතයි. නාගරික බෙදාහැරීම් සඳහා ඉදිරිපස බෆර් එක ( 𝗕𝘂𝗺𝗽𝗲𝗿 ) පොළවට ආසන්නව පිහිටන ලෙසද, ඉදිකිරීම් කටයුතු වල භාවිතයන්ට ගැලපෙන ලෙස ඉදිරිපස බෆර් එක පොළව මට්ටමේ සිට හැකිතාක් ඉහලට වන සේ නිර්මාණය කර ඇත.
2. මධ්ය දුර බෙදා හැරීම් සහ කටයුතු සඳහා නිර්මාණය වුණ මෙම කැබ් එකෙහි, රියදුරු නිදන කොටස අන්තර්ගත වුවද එහි සැප පහසුව මූලික අංගයක් කරගෙන නැත. නමුදු දිගි කාණ්ඩයෙන්ද මෙම කැබ් රථය දැක ගත හැක.
3. විශේෂයෙන් පහත් කරන ලද වහලය සහිත කැබ් එක. විශේෂයෙන්ම මෙය නිර්මාණය කරන ලද්දේ මෝටර් රථ බෙදාහැරීම සඳහා වූ ට්රේලර් එක සම්බන්ධ කර ගැනීමටයි. එහිදී ට්රේලරයේ අතිරික්ත කොටසක් කැබින් එකෙහි කුඩා වහලයට ඉහලින් පිහිටන අතර, ඒ මත කුඩා මෝටර් රථ දෙකක් හෝ සාමාන්යය වෑන් රථයක හෝ සාමාන්යය ප්රමාණයේ මෝටර් රථයක් තබාගෙන යෑමට ඉඩ සැලසේ. දිගු දුර ධාවනය ඉලක්ක කරගෙන නිපදවන මෙම කැබින් එකේ සුඛෝපභෝගී නිදන කොටසක් දකින්නට පුලුවනි.
 
4. දිගු දුරක් වැඩි සැප පහසුවෙන් ගමන් කිරීම සඳහා විශේෂයෙන්ම රියැදුරුගේ සියලුම අත්යාවශ්යතා ට්රක් රථයට එක් කිරීම අරමුණු කරගත් ඉතා ඉහලින් නිර්මාණය වුණු වහල කොටසත්, නිදන කොටස අන් සියළු කැබින් වලට වඩා විශාලත්වයකින් නිමවුණ මෙම කැබින් එක "මෙගා ස්පේස්" ( 𝗠𝗲𝗴𝗮𝗦𝗽𝗮𝗰𝗲 ) යන නමින් හැඳින්වෙයි. ඉතා සුඛෝපභෝගී කැබින් එකක් වන මෙම කැබ් එක සහිත 𝐀𝐂𝐓𝐑𝐎𝐒 වර්ගයේ ට්රක් රථයක මිල සාමාන්යය ට්රක් රථයක මිල මෙන් දෙගුණයකට ආසන්නය. ඇතුලත පෙනුමද, නිමැවුමද "ලෙදර්" භාවිතයෙන් නිමවා ඇත.
ආරක්ෂක උපක්රම පිළිබඳව සලකන විට 𝐀𝐂𝐓𝐑𝐎𝐒 ට්රක් රථ වල 𝗟𝗮𝗻𝗲 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝘂𝗿𝗲 𝗪𝗮𝗿𝗻𝗶𝗻𝗴 𝗦𝘆𝘀𝘁𝗲𝗺 (මංතීරු වෙනස් වන්නේ නම් රියදුරුට එය දන්වන 𝗔𝗹𝗮𝗿𝗺 එක), 𝗖𝗿𝘂𝗶𝘀𝗲 𝗖𝗼𝗻𝘁𝗿𝗼𝗹 (ඒකාකාර වේගයෙන් ධාවනයට යොදාගන්නා විශේෂ පහසුකම) සහ 𝗕𝗹𝗶𝗻𝗱 𝗦𝗽𝗼𝘁 𝗖𝗮𝗺𝗲𝗿𝗮 (රියදුරුගේ දර්ශන තලයට හසු නොවන සීමා කැමරාවක් ආධාරයෙන් රියදුරුගේ අවධානයට යොමු කරවීම) වැනි සේවා නම් කල හැක.
 
2011 දී 𝐌𝐄𝐑𝐂𝐄𝐃𝐄𝐒 𝐁𝐄𝐍𝐙 ආයතනය හඳුන්වා දුන් ඔවුන්ගේ නවතම 𝐀𝐂𝐓𝐑𝐎𝐒 මාදිලිය වැඩි දියුණු කොට නැවතත් 2018 දී එලි දැක්විය. එය " 𝙏𝙝𝙚 𝙉𝙚𝙬 𝙈𝙚𝙧𝙘𝙚𝙙𝙚𝙨 𝘽𝙚𝙣𝙯 𝘼𝙘𝙩𝙧𝙤𝙨 𝙈𝙞𝙧𝙧𝙤𝙧𝘾𝙖𝙢 " නමින් හඳුන්වයි. එහි සුවිශේෂීම පහසුකම වන්නේ ට්රක් රථයට පිටින් පැති කණ්නාඩි නොතිබීමයි. ඒ වෙනුවට අධිතාක්ෂණික කැමරා කිහිපයකින් ට්රක් රථය සමන්විත වීමයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙම අධිතාක්ෂණික කැමරා මගින් ලබාගන්නා දර්ශණ සුපැහිදිලි තිර කිහිපයකින් ට්රක් රථයේ රියදුරුට පෙන්වීමයි. මෙම කැමරා අධික මීදුම්, වැසි සහ විවිධ අයහපත් කාළගුණ තත්වයන් යටතේ වුවද ඉතා සුපැහැදිලි දර්ශනයන් රියදුරුට ලබා දෙයි. ට්රක් රථයේ සිට ට්රේලරය දක්වා දිග මැනීමටත් එම මැනුම් උපයෝගි කරගෙන පිටුපස ඇති වස්තුවක ඇති ගැටීමක් හෝ අනතුරක් සිදුවීමට පෙර එය රියදුරුට දන්වයි. රියදුරුගෙන් නිසි ප්රතිචාරයක් නොලැබෙන්නේ නම් ට්රක් රථයේ තිරිංග ක්රියාත්මක කිරීමට ට්රක් රථයේ පරිගණකයට අදාල විධාන ලබාදීමටද මෙම කැමරා වලට හැකියි. තවද 2018 හඳුන්වා දුන් මෙම ට්රක් රථයේ කැබින් එක ඇතුලත සම්පූර්ණ වෙනසක් සිදුවී තිබේ. ට්රක් රථයේ විවිධ පහසුකම් ක්රියාත්මක කිරීමට ඇති බොත්තම් බොහොමයක් අඟල් 10ක ස්පර්ශක තිරයක් ආධාරයෙන් ක්රියාත්මක වෙයි. සාමාන්යය ට්රක් රථයක ඇති තිර (𝗗𝗶𝘀𝗽𝗹𝗮𝘆) ගණනට වඩා 𝙈𝙞𝙧𝙧𝙤𝙧𝘾𝙖𝙢 රථයේ තිර ගණන ඉතා වැඩිය.
1990 , 1997 , 1999 , 2004 , 2009 , 2012 , 2020 යන වසර වල 𝙏𝙍𝙐𝘾𝙆 𝙊𝙁 𝙏𝙃𝙀 𝙔𝙀𝘼𝙍 සම්මානය ලබා ගෙන ඇත .
ලංකාවේ දැනට දකින්නට ඇත්තේ 𝐀𝐂𝐓𝐑𝐎𝐒 𝗠𝗣𝗜, 𝗠𝗣𝗜𝗜, සහ 𝗠𝗣𝗜𝗜𝗜 වර්ගයේ ට්රක් රථ පමණි.
සැකසුම වෙනුවෙන් විශේෂ ස්තූතිය :- ප්රගති අසීමිත සොයුරාට






















No comments:

Post a Comment

The New SCANIA Front may be Changed ????

 ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...