Saturday, February 25, 2023
Thursday, February 23, 2023
𝗣𝗔𝗖𝗖𝗔𝗥 𝗠𝗫-𝟭𝟯 එන්ජිම
නිතරම අපි වාහන ගැන කතා කරනවා , ඒත් ඒ වාහන වලට පණ දෙන්නේ එන්ජිමෙන් . ඒ නිසා අද ලංකාවෙත් දකින්න ලැබෙන සුලබ රථයක් වෙන DAF XF රථයට පණ දෙන PACCAR MX-13 එන්ජිම ගැන විස්තර ටිකක් ඉදිරිපත් කරන්න හිතුනා .
PACCAR MX-13 12.9 L Inline 6 Cylinder එන්ජිමක් . මෙම එන්ජින් වල උපරිම බලය දෙන එන්ජිම 530 HP වෙනවා එයින් 2600 Nm ටෝර්ක් එකක් නිපදවෙනවා .
Paccar සමාගමට DAF , PETERBILT , KENWORTH සමාගම් වල හිමිකාරීත්වය සතුයි . ඒ නිසා එම සමාගම්වල රථ සදහා PACCAR MX-13 එන්ජිම භාවිතා කරනවා .
🔰DAF :- XF මාදිලිය🔰KENWORTH :- T 410 මාදිලිය
✳️PACCAR MX-13 355
✳️PACCAR MX-13 399 මෙම එන්ජින් වර්ග තුන DAF රථ සදහා යොදා ගනුලබනවා .
✳️PACCAR MX-13 375 KENWORTH T 410 මාදිලිය සදහා යොදාගනු ලබනවා .
මෙම එන්ජිම ඉන්ධන කාර්යක්ෂමතාව , කල්පැවැත්ම , ක්‍රියාකාරීත්වයෙන් ඉහල සංකීර්ණත්වය අඩු එන්ජිමක් . PACCAR සමාගම තම එන්ජින් වල ඉන්ධන කාර්යක්ෂමතාව , කල්පැවැත්ම , ක්‍රියාකාරීත්වය හොදින් පවත්වාගැනීමට පරීක්ෂණ පවත්වා , නව අංග එකතු කිරීමට නිතරම පරීක්ෂණ කටයුතු වල යෙදෙනවා එම පරීක්ෂණ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස මෙම එන්ජිම සලකන්න පුළුවන් . ඒ වගේම යූරෝපා සංගමයේ රථවාහන නීති වලට අනුගත වන ලෙස මෙම කටයුතු සිදුකරනු ලබනවා .
PETERBILT :- 579 , 389 , 567 මාදිලි සදහා භාවිතා කරන එන්ජින් ගැන තොරතුරක් හරියට දන්න කෙනෙක් පහතින් කමෙන්ට් කරන්න .
ඔයාලගේ අදහසුත් ඉදිරිපත් කරන්න වැරදි අඩුපාඩු තියනවානම් නිවැරදි කරන්න
Wednesday, February 22, 2023
Tuesday, February 21, 2023
ඔබට දැන් අධිතාක්ෂණික අළුත්වැඩියා කට්ටල 𝐕𝐨𝐥𝐥 𝐋𝐚𝐧𝐤𝐚 වෙතින් මිලදී ගත හැක.
IS THIS MAY BE THE NEW SCANIA ?
Truck Manufacturing companies always trying to launch their products with new features , to add new modern attractive desingn , driver conf...

-
HER WAY LOGISTICS in South Africa Empowering women ...
-
ඔන්න SCANIA වලට ආස අයට අලුත්ම නිව්ස් එකක් අරන් ආවා . හැමෝම වෙනස් වෙලා එලියට එන අතරේ ස්කානියා එකත් අලුත් වෙන්න යන්නේ පසුගිය සතියේ VOLVO AERO...