Thursday, February 23, 2023

𝗣𝗔𝗖𝗖𝗔𝗥 𝗠𝗫-𝟭𝟯 එන්ජිම

නිතරම අපි වාහන ගැන කතා කරනවා , ඒත් ඒ වාහන වලට පණ දෙන්නේ එන්ජිමෙන් . ඒ නිසා අද ලංකාවෙත් දකින්න ලැබෙන සුලබ රථයක් වෙන DAF XF රථයට පණ දෙන PACCAR MX-13 එන්ජිම ගැන විස්තර ටිකක් ඉදිරිපත් කරන්න හිතුනා . 

PACCAR MX-13 12.9 L Inline 6 Cylinder එන්ජිමක් . මෙම එන්ජින් වල උපරිම බලය දෙන එන්ජිම 530 HP වෙනවා එයින් 2600 Nm ටෝර්ක් එකක් නිපදවෙනවා . 

Paccar සමාගමට DAF , PETERBILT , KENWORTH සමාගම් වල හිමිකාරීත්වය සතුයි . ඒ නිසා එම සමාගම්වල රථ සදහා PACCAR MX-13 එන්ජිම භාවිතා කරනවා . 

🔰DAF :- XF මාදිලිය
🔰PETERBILT :- 579 , 389 , 567 මාදිලි
🔰KENWORTH :- T 410 මාදිලිය 
 
✳️PACCAR MX-13 315
✳️PACCAR MX-13 355
✳️PACCAR MX-13 399 මෙම එන්ජින් වර්ග තුන DAF රථ සදහා යොදා ගනුලබනවා . 
 
✳️PACCAR MX-13 340 
✳️PACCAR MX-13 375 KENWORTH T 410 මාදිලිය සදහා යොදාගනු ලබනවා . 

මෙම එන්ජිම ඉන්ධන කාර්යක්ෂමතාව , කල්පැවැත්ම , ක්‍රියාකාරීත්වයෙන් ඉහල සංකීර්ණත්වය අඩු එන්ජිමක් . PACCAR සමාගම තම එන්ජින් වල ඉන්ධන කාර්යක්ෂමතාව , කල්පැවැත්ම , ක්‍රියාකාරීත්වය හොදින් පවත්වාගැනීමට පරීක්ෂණ පවත්වා , නව අංග එකතු කිරීමට නිතරම පරීක්ෂණ කටයුතු වල යෙදෙනවා එම පරීක්ෂණ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස මෙම එන්ජිම සලකන්න පුළුවන් . ඒ වගේම යූරෝපා සංගමයේ රථවාහන නීති වලට අනුගත වන ලෙස මෙම කටයුතු සිදුකරනු ලබනවා . 

PETERBILT :-  579 , 389 , 567 මාදිලි සදහා භාවිතා කරන එන්ජින් ගැන තොරතුරක් හරියට දන්න කෙනෙක් පහතින් කමෙන්ට් කරන්න .

ඔයාලගේ අදහසුත් ඉදිරිපත් කරන්න වැරදි අඩුපාඩු තියනවානම් නිවැරදි කරන්න











































 





Tuesday, February 21, 2023

ඔබට දැන් අධිතාක්ෂණික අළුත්වැඩියා කට්ටල 𝐕𝐨𝐥𝐥 𝐋𝐚𝐧𝐤𝐚 වෙතින් මිලදී ගත හැක.

𝐖𝐞 𝐚𝐭 𝐕𝐨𝐥𝐥 𝐚𝐫𝐞 𝐍𝐎𝐖 𝐨𝐟𝐟𝐞𝐫𝐢𝐧𝐠 𝐡𝐢𝐠𝐡-𝐭𝐞𝐜𝐡 𝐫𝐞𝐩𝐚𝐢𝐫 𝐤𝐢𝐭𝐬 𝐟𝐨𝐫 𝐚 𝐟𝐫𝐚𝐜𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐜𝐨𝐬𝐭! 𝐇𝐮𝐫𝐫𝐲 & 𝐠𝐞𝐭 𝐲𝐨𝐮𝐫𝐬!
𝐕𝐨𝐥𝐥 𝐋𝐚𝐧𝐤𝐚
𝐀𝐝𝐝𝐫𝐞𝐬𝐬:𝐍𝐨. 𝟑𝟐𝟗/𝟏𝐂 𝐍𝐞𝐰 𝐊𝐚𝐧𝐝𝐲 𝐑𝐝, 𝐊𝐚𝐝𝐮𝐰𝐞𝐥𝐚 𝟏𝟎𝟔𝟒𝟎
𝐌𝐨𝐛𝐢𝐥𝐞: 𝟎𝟕𝟎 𝟏𝟗𝟗 𝟗𝟔𝟔𝟒
𝐅𝐢𝐧𝐝 𝐮𝐬 𝐨𝐧 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤

 





1:24 Scale DELICA Van Off Road

Top On Sale Product Recommendations! 1:24 Scale DELICA Van Off Road Alloy Classic Model Diecast Metal High Simulation Sound Light Pull Back ...